(CID Series : Book Number #08)
පළිගැනීමේ චේතනාව, බද්ධ වෛරය සහ ක්ෂණික කෝපය යන චෛතසික ස්වභාවයන් මූලික වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදුවනවා මෙන්ම ඇතැම්හු සිය ආත්මාරක්ෂාව පතා මනුෂ්‍ය ඝාතන සිදුකරති. ඇතැම්හු රුපියල් ශත අපේක්ෂාවෙන් තවකෙකුගේ දිවි තොරකරති. එහෙත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය උදෙසා මිනී මරන්නන්ගේ චෛතසික ස්වභාවය කෙබඳු වේදැයි අප වටහාගන්නේ කෙසේද? එවන් චෛතසික ස්වභාවයක් සාධාරණීය කළ හැකි නිර්ණායක මෙම නෛතික රාමුව තුළ පවතීද?
අතිශය කෲර සූක්ෂ්ම ඝාතකයෙක් පසුපස හඹායන අභීත මිනිසෙක්...!
හිරිමල් වියේ පසුවන සුන්දර යුවතියකගේ ජීවිතය විනාශ කළ කුරිරු අධමයෙක්.. පළිගැනීමේ චේතනාවෙන් උමතු වූ තරුණයෙක්...!