මෙම කෘතිය සුවිශේෂි ග්‍රන්ථයකි. එසේ වන්නේ, තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබඳ විස්තර සහිත ග්‍රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා මේ තරුණයන් නිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමටයි. ඉන් පසු නො බසින මොවුන් මයිල 20,000ක් දුර ගෙවා ඉන්දු අප්‍රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තර පමණක් නො ව, ඡායාරූප පවා ආකර්ශණීය හැඟීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත.