දක්ෂ රහස් පරීක්ෂකයෙකු ලෙස සැන් ලුයිස් නගරයේ පරීක්ෂණ පැවැත්වූ ෆ්ලොයිඩ් ජැක්සන්ගේ නොමනා ක්‍රියා හේතුකොටගෙන ඔහුගේ රහස්පරීක්ෂණ බලපත්‍රය නීතිය අවලංගු කළ අතර මුදල් හිඟ බවෙන්ද, පොලීසියේ බාධක හමුවේද ඔහු මහත් සේ පීඩාවට ලක් විය.
ඒ අතර ඔහුගේ කාර්යාලයට පැමිණි නැටුම් සංදර්ශන සංවිධායක ෆැටිසෝ ගෝර්මන් ඩොලර් නෝට්ටු මිටියක් ජැක්සන්ගේ මේසය මත තැබූ පසු කෝටිපති ව්‍යාපාරික ලින්ඩ්සේ බ්රෙට්ගේ බංගලාවේ පැවැත්වුණු සාදයක නිරුවත් රංඟනයක් ඉදිරිපත් කළ වේඩා රුක්ස් නැමැති රූමත් නළඟන පහළොස්වන ශතවර්ෂයේ නිර්මාණය වූ ඉතා අගනා පුරාවස්තුවක් වන සෙලිනි මැණික් කිණිස්ස නින්දෙන් අවදිව සිහිනෙන් ඇවිද ගොස් බ්රෙට්ගේ රහස් සේප්පුවෙන් සොරකම් කළ බවත්, එය නැවත එම සේප්පුව තුළම තැන්පත් කිරීමට අවශ්‍ය වන්නේ ෆ්ලොයිඩ් ජැක්සන්ට කියා සිටියේය.
එය අති භයානක ක්‍රියාන්විතයක් වුවද ජැක්සන් ඊට කැමැත්ත පළ කළ අතර අවසානයේ බිහිසුණු මිනීමැරුම් කීපයක සැකකරුවෙකු බවට පත්විය.