"නියම ලස්සන" අම්මා කඩාගෙන පැන්නාය. "ආන්ටි ෆැනි කියනවා රූත්ගේ කොණ්ඩෙ තැනින් තැන ලොම් කපාපු බැටලුවෙකුගේ වගෙයි ලු. කාටවත් පෙන්නන්න වත් ලැජ්ජයිලු. ඇයි දෙයියනේ ඔයාට මෙහෙම දෙයක් කරන්න හිතුණේ. ආන්ට් ෆැනි ඔයාට එහෙ එන්න කිව්වේ රූත්ව බලාගන්න මිසක් බාබර් වැඩේ කරන්න නෙමෙයි නේ?"
" කමක් නැහැ මෙන්න අපි ගියා. " හෙනි පැවසුවේ ඔච්චමට ය. " ඔයාගේ කෑගැහිල්ල ඇහුණොත් මිනිස්සු හිතයි අපි ඔයාගෙ මහ ලොකු යාළුවගෙ ඇඟෙන් කෑල්ල කෑල්ල කඩාගන්න හදනවා කියලා. "
"මිස් එලා, ඔයා මගේ ඔළුවට කදිම අදහසක් දැම්මා. ප්‍රසංගය දවසේ ඩාන්ස් එකේ අන්තිමට ඒ පියවර අනුගමනය කරන්න පුළුවන්. කෙල්ලෝ නව දෙනා එක පේළියට හිටවපු ලී කොටන් ටිකක් පෙරළෙනවා වගේ පෙනෙන කොට අපූරුවට තියේවි.”