සතුන්ට ආදරය කිරීම සහ සතුන්ගෙන් ආදරය ලැබීම අපට නොමිලේ ලද හැකි උතුම් වු දායාදයකි. මිනිසුන් සහ සතුන් අතර බැඳීම මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම පැවත එන්නකි. එවැනි බැඳීම් පිළිබඳ විවිධාකාර වූ කතා අප කොතෙකුත් කියවා ඇත. " පැංචිලා සහ පැංචලා” ද එවන් සත්ව පැටවුන් සහ දැරියන් සිවුදෙනෙකු අතර පැවැති මානුෂිය බැඳීම පිළිබඳ ලියැවුණු විනෝදජනක මෙන්ම සංවේදී සටහන් පෙළකි.
ඔල්ගා පෙරොව්ස්කායා නම් වූ කසකස්තාන ලේඛිකාව විසින් 1925 දී රුසියානු බසින් ලියන ලද මෙම කතා පෙළ විශ්ව ළමා ග්‍රන්ථයක් ලෙසට පත්වන්නේ 1966 දී එය ඉංග්‍රීසි බසට පරිවර්තනය වීමෙන් පසුවය. පරම්පරාගත කෘතියක් වූ මෙය අද දක්වා ලොව පුරා ළමා පාඨකයන් ලක්ෂ ගණනක් කියවා ඇති බවට තහවුරු වන්නේ ලැබී ඇති පාඨක ප්‍රතිචාර වලිනි.
ළමා පෞරුෂය ගොඩනැංවීමට ආහාර පාන අධ්‍යාපනය පමණක් නොව, එකිනෙකා අතර පවතින බැඳීම, ආදරය, කරුණාව උපේක්ෂාව වගේම ජීවත්වන පරිසරයද, ගහකොළ, ඇළ - දොළ සතා සීපාවුන් මෙන්ම නිදහස් ජීවන රටාවද අත්‍යවශය වන බව ඔල්ගාගේ 'Kids and Cubs ' මතින් සිංහලට පරිවර්තනය වී ඇති "පැංචිලා සහ පැංචලා" ඔබට පසක් කර