එකෝමත් එක රටක, බොහොම ඉස්සර කාලේ, එක පුංචි ගෙදරක මහල්ලෙකුයි මැහැලියකුයි හිටියා. මේ දෙදෙනාට හිටියේ එකම එක දුවක් විතරයි. එයාගේ නම වසිලීස්සා. ඒ ගොල්ලො බොහොම හොඳට ජීවත් වුණා. හිටි හැටියේ ම ඒ ගොල්ලන්ට විපතක් සිදු වුණා. වසිලීස්සාගේ මහලු මව අසනීප වුණා. ඇගේ මරණය ළං වුණා. අම්මා වසිලීස්සාට කතා කරලා, ඈට බෝනික්කෙකු දීලා මෙහෙම කීවා.
“අනේ හොඳ දුවේ, මේ බෝනික්කාව කාටවත් එහෙම පෙන්වන්නෙ නැතිව පරිස්සම් කරගනින්. නුඹට විපතක් සිදු වුණොත්, බෝනික්කාට කෑම ටිකක් දීලා උපදෙස් ලබා ගනින්. එයා නුඹට පිහිට වේවි.”
අම්මා වසිලීස්සාව සිප ගත්තා. ඊට පස්සේ ඈ මළා.