අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමග මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ ' අවදිව සිටීමේ චාරිත්‍රය' ඉටුකිරීමේ හැඟීමෙනි. කෲර ලෙස අත්හැර දැමු සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳි සිටීමට මම තීරණය කළෙමි. පසුව අලස බවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීම්. ඉසින ලද ශුද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළි රැළි වැටී තිබිණි. හිදි පෙති වල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වුවත්, කාමරයේ කෙළවර ස්ථිර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසදා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතු දැයි මම නොදැන සිටියෙමි.