ඩයිනෝසරයන් නැවතත් වඳ වීමේ තර්ජනයට මුහුණ දී ඇත. ඔවුන්ව රැක ගත යුතු ද? එසේත් නැතිනම් වඳ වී යාමට ඉඩ ලබා දිය යුතු ද? ලොව පුරා සිදුවන වාද විවාද මධ්‍යයේ ඩයිනෝසරයන් සඳහාවන අභය භූමියක් ලොක්වුඩ්ගේ සිහිනය යි.. එය යථාර්තයක් බවට පත්කර ගැනීමට ක්ලෙයාර් ට සහ ඕවෙන් ට ආරාධනා ලැබේ. ඒ අනුව ඔවුහු අත්හැර දමා තිබූ ජුරාසික් උද්‍යානය වෙත ගමන් ආරම්භ කරති. ඉන් පසුව ඔවුන් හමුවේ දිග හැරෙනුයේ ජීවිතයත් මරණයත් අතර වූ නොසිතූ අභියෝගයන් රැසක් ය.