බිලිඳු වියෙහි දීම දෙමාපිය වියෝවෙන් අනාථ භාවයට පත් ජේත් අයර් හට නෑදෑ හිත මිතුරන් හෝ, නිවහනක් හෝ, වත්කමක් හෝ රූමත් බවක් හෝ නොමැතිව කටුක දිවි පෙවෙතකට උරුම ලද හෙයින්, සිය දිවි මග කිසිවෙකුගේ පිළිසරණක් නොලැබ තනි ව ගෙන යාමට සිදු වූවාය;
එහෙත් ඇගේ සහජ බුද්ධිය, නිසග හැකියාව, අප්‍රතිහත
ධෛර්යය, නොපසුබට උත්සාහය, උට්ඨාන වීර්යය, තැන්පත්
විනීත පැවැත්ම, මුඳු මොළොක් බව මෙන්ම, ප්‍රතිපත්ති
ගරුක සෘජු අවංක භාවය එඩ්වඩ් රොවස්ටර්ගේ අවධානයට යොමු වූ බැවින්, බටහිර සාහිත්‍යයෙහි අද්විතීය පෙම් පුවතක් බිහිවීම සඳහා අවස්ථාව සැලසුණේය.