බංගලා දේශයෙහි සම්භාවනාවට පාත්‍ර වූ මුල් පෙළේ ලේඛකයන් අතර ෂහිදුල්ලා කායිසෙර්ට (1927-1971) හිමි වනුයේ විශේෂ ස්ථානයකි. ආසියානු ජන ජීවිතයේ සැඟවුණු සියුම් තැන් මතු කර දක්වමින් ඔහු නිර්මාණය කළ නවකථා හැරුණු විට, බංගලා දේශයෙහි සමකාලීන දේශපාලන කරලියෙහි ඔහු රඟපෑ භූමිකාව ද ඔහු එම තත්ත්වයට පත් කිරිමෙහිලා හේතුපාදක විය.
වර්ෂ 1962 දී ඔහු ප්‍රකාශයට පත් කළ ඔහුගේ ජනකාන්ත නවකථාව වන Sareng Bou බංගලා දේශයේ මුහුදුබඩ ගම්මානයක වැසියන්ගේ දෛනික පවුල් ජීවිතය හා එහි අභ්‍යන්තර, බාහිර ගැටුම් කදිමට නිරූපණය කරන හා නිර්මාණයකි. සංවෘත සමාජයක දිවි ගෙවන සුරූපී ගැහැනියක තම සැමියාගෙන් ඈත් ව, අනාරක්ෂිත ව, දරිද්‍රතාවට මැදි වී කාමාතුරයන්ගෙන් මිදී ජීවිතය ගෙවනු පිණිස කරන අරගලය පාදක කොට ගෙන ෂහිදුල්ලා කළ මේ නිර්මාණය, රුසියානු මහ ගත්කරු මැක්සිම් ගෝර්කිගේ කථා කලාව සිහිපත් කරවන්නකි.