සිය පියාගේ අභාවයත් සමගින් අසරණ වන විනෝදකාමී තරුණියක්!
අවසන් මොහොතේ පිහිටට පැමිණෙන නැන්දණියක්!
එහෙත් එකී නැන්දණියගේ අබිරහස් හැසිරීම හමුවේ තව තවත් අසරණ වන ඇය පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ පිහිටක් අපේක්ෂාවෙනි. එහෙත් බිහිසුණු අපරාධකරුවෙකුගේ මාරාන්තික ප්‍රහාරයක් හමුවේ ඇයගේ නැන්දණිය සිහි විසඥ වන්නේ තරුණිය වෙත මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව ශේෂ කරමිනි.
පෙරී මේසන් මෙම අබිරහස විසඳන්නේ සැමට මගහැරුණු අතිශය තීරණාත්මක සාක්ෂියක් සොයා ගනිමිනි.