ජීවිත රක්ෂණ වන්දි මුදල ලබාගැනීමේ අරමුණෙන් සිය ස්වාමිපුරුෂයාට වස දී ඝාතනය කිරීමේ චෝදනාව සැල්මා ඇන්සන් හට එල්ල වනුයේ අවාසනාවන්ත අයුරිනි. එමෙන්ම ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු ඇය ඔහුගේ මිතුරකු වන කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ පෙමින් බැඳීම එම චෝදනාවේ ප්‍රබලතාව වඩාත් තීව්‍ර කිරීමට හේතු වෙයි. ඇය නීතිඥ පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ සියලු අපේක්ෂාවන් සුන්වීමෙන් අනතුරුවය. මෙම අසරණ කාන්තාවට එල්ල වන එම අභූත චෝදනාවන්ගෙන් ඇය මුදා ගැනීමට සුප්‍රකට රහස් පරීක්ෂක නීතීඥ පෙරී මේසන් මහතා අතුළු කණ්ඩායමට හැකි වේද?