ආදරය නොමැතිකම හයිඩිද දැන සිටියාය. ආදරය නැතිකම යනු කිසිවෙකු ඔබ කෑවාදැයි නොවිමසීමයි. ඇස් රතු වී ඇත්තේ කිමදැයි නොවිමසීමයි. අසනීපයක්දැයි විමසිලිමත් නොවීමයි . ඔබේ වේදනාව නොහැඳිනීමයි. අවුරුදු පහළොවක් වුවද ඔබ ආදරය ලැබිය යුතු කෙනෙක් බව නොදැනීමයි. අනාදරය , රැකවරණය නොමැති කමට කොතරම් ළඟද ?