1838 පළමු වරට එළිය දුටු චාල්ස් ඩිකන්ස්ගේ ඔලිවර් ට්විස්ට් නවකතාව මේ වන විට ලෝකයේ පරිවර්තනය නොවුණු භාෂාවක් නැති තරම්ය. පසුගිය සියවසේ මුල්භාගයේ යුරෝපයේ පැවති සමාජ, ආර්ථික හා දේශපාලන වටපිටාව කෙබදු දැයි දැන හදුනා ගැනීමට වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ චාල්ස් ඩිකන්ස්ගේ කෘතීන්ය. ඔහුගේ හැම කෘතියකින්ම පාහේ පීඩිත ජන කොටස් ජීවත් වීම සඳහාත් අයිතිවාසිකම් සඳහාත් ගෙන ගිය නොපසු බට අරගලය නිරූපණය වීම මීට හේතුවයි.