"ඔයා අල පෙති කන්න කැමතිද පෝටර් මෙනෙවිය?” මම ටිකක් සැකෙන් අල පෙති කවරය ඇය දෙසට දිගු කළා.
මුළු පන්තියම හුස්ම හිරවුණා වගේ බය වුණා. පෝටර් මෙනෙවිය මගේ අල පෙති කවරයට ඉව අල්ලද්දී මුළු පන්තියම නිශ්ශබ්ද වුණා. අපිට දැනුණේ එයා ඒ සුවඳින් දිව්‍යලෝකෙ ගියා වගේ.
මම පන්තිය වටේ බැලුවා. හැමෝම බයවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා වගේ පෝටර් මෙනෙවිය දිහාත් මා දිහාත් බලාගෙන හිටියා.
"පෝටර් මෙනෙවිය ඕක කරන්න එපා...!!!” එළි අනෙක් මේසයේ ඉඳන් කෑගැසුවා.
"එකම එකක්...එ...ඵ් එකම එකක්.”