දේවගැතිවරයකු වන සිය පියා සමග නාඳුනන පළාතක පදිංචියට එන දස හැවිරිදි ඉන්දියා ඕපල්ට සිය මව නැති පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනියි. ඇසුරු කරන්නට මිතුරන් කිසිවෙකු නැති නිසා ඈ සිටින්නේ කණගාටුවෙනි. මේ අතර සිල්ලර වෙළඳ සලකදී අහම්බෙන් හමුවන කාත් කවුරුත් නැති එක්තරා විශේෂ සුනඛයකු නිසා පාළුවෙන් ගෙවන ඇගේ ජීවිතය පමණක් නොට ඇගේ පියාගේ ජීවිතයද වෙනස් වෙයි. ඔවුන්ගේ ලෝකය පෙරට වඩා සුන්දර වන්නට පටන් ගනියි.