පූර්ණ චන්ද්‍රයා මෝදු වී පැවැතියෙන් පරිසරයේ පැවැතියේ අපූර්ව සෞම්‍ය සුන්දරත්වයකි. නිශාචර සතුන් ගොදුරු සොයමින් සැරුවද මේ උන්ගේ පාරාදීසයයි. මෙය අයිති උන්ට ය. අපි මීට ආගන්තුකයෝ වේ......... මම චන්ද්රකාන්තියේ මිහිරියාව විදිමින් ගල්තලාවේ මඳක් වැතිර සිටියෙමි. එහෙත් ඒ මොහොතේ ඈතින්........ බොහෝ ඈතින් ඇසුණු කිසියම් නුහුරු පිපිරුම් හඬකින් මම වික්ෂිප්ත වුණෙමි, ඒත් සමගින් තවත් එවැනිම පිපිරුම් නාද කිහිපයක් රාත්‍රියේ නිසල බව බිඳිමින් මගේ සවන්පත් කම්පනය කරවමින් ඇතින් රැව් දුන්නේය.