කිමිදුම් පාඨමාලාව සාර්ථකව අවසන් කරන ජිම්, සිය පියා වන පෝල් බාර්ක්ලි හා ඔහුගේ මිතුරන් කැටුව ගැඹුරු මුහුදේ කිමිදුම් චාරිකාවක නිරත වේ. කොරල්පර හා විසිතුරු මත්ස්‍යයන්ගේ අසිරිය විඳගනිමින් කිමිදෙන ජිමීට මුහුණදීමට සිදුවන්නේ, කිසිවිටෙකත් අපේක්ෂා නොකළ අන්දමේ අත්දැකීමකටය.