ටැබී නැන්දා සහ ඩ්‍රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්‍රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට තනිවම නිවසේ නවතින්නට සිදුවන අතර ඇගේ තනියට මැතිල්ඩා එහි එයි. එහෙත් ඈ එන්නේ තනිවම නොවේ. කරදරකාර භූතයින් දෙදෙනකුද ඈ සමග එහි එන අතර ඔවුන්ගෙන් සිදුවන කරදරවල නිමක් නැත.
මේ නරක භූතයින් දෙදෙනා මට්ටු කරන්නටත්, සතුටින් උපන් දිනය සමරන්නටත් අරමින්තාට හැකි වේවිද?