කැරෝලයින් ඉන්ගල්ස් යනු Little House පොත් මාලාවේ නිර්මාතෘවරිය වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මවයි. The Caroline Years ලෙස හැඳින්වෙන Little House පොත් පෙළෙන් කියැවෙන්නේ චාල්ස් ඉංගල්ස් හා විවාහ වීමට ප්‍රථම, කැරොලයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවී ගිය අන්දමයි. කුඩා කලදී ම පිය සෙනෙහස අහිමි වූ නමුදු කැරාලයින් ඇගේ දිරියසම්පන්න මව වු චාලට් පූර්වාදර්ශකයට ගනිමින් සිය සුන්දර ළමා කාලය ගෙවූ හැටි ද, ජීවිතයේ අභියෝගවලට සාර්ථක ව මුහුණ දුන් හැටිද මේ පොත් පෙළෙන් කියැවෙයි.