ලීසා ට නිකම්ම හිනා ගියා. ඩෙනිසුත් හිනා වෙලා පිට්ටනියේ ඇවිද්දෙ සාමාන්‍ය විදියට වුණත් පොඩි සෝබනයක් දාගෙන. ලීසාට ඉක්මන් අඩියෙන් යන්න සිද්ද වුණා.
'ඉවසන්න' ලීසා කිව්වා. 'ඔයා ප්‍රංශ හුවමාරු ශිෂ්‍යාවක්, සුපර්මොඩල් එකක් නෙවෙයි. '
'සොරි... මං කිව්වෙ, දෙසොලේ....'
සමහර ළමයි නතර වෙලා බැලුවා. ලීසා හරිම ලස්සන හින්ද පිරිමි ළමයි කොහොමටත් එයා දිහා බලනවාමය. ලීසා ට අකමැති වෙන්න නොයෙකුත් කාරණා හදා ගන්න ඊර්ෂ්‍යාකාර ගැහැණු ළමයි වුණත් එයා දිහා බලනවා එයා මොකක් ද ඇඳලා ඉන්නෙ කියලා බලන්න ඕනැ නිසා. නමුත් අද එයා එක්ක පාසල් ඇඳුම ඇඳගෙන නැති කෙල්ලෙකුත් ඉන්න නිසා බලන්න විශේෂ කාරණාවක් තියෙනවා.
ඩෙනිස් ට දැණුනා හැමෝගෙම ඇස් එයාට යොමු වෙලා තියෙන බව. එයා ඒකට හරිම ආසා කළා. හැමදාම කරන විදියට ඩාවෙෂ් පන්තිය ඉස්සරහට වෙලා ඩෙනිස් එනකං බලා ඉන්න බව එයා දැක්කා. සමහරදාට පන්ති පටන් ගන්න ඉස්සර පොඩි ෆුට්බෝල් පාරකුත් දානවා දෙන්නා එක්ක. ඩාවෙෂ් ඩෙනිස් දිහා බොහොම ක්ෂූක්ෂම බැල්මක් දාලා අහක බලා ගත්තා.
වාව්! මගේ හොඳම යාලුවාට වත් මාව හඳුන ගන්න බැහැ!.