පොන්ගෝ සහ මිසිස් ගේ සුරතල් ඩැල්මේශන් පැටව් පහළොස් දෙනා අබිරහස් ලෙස අතුරදන් වෙති. දුෂ්ඨ අසල්වැසි කාන්තාවක ගැන සැක කරන බුද්ධිමත් පොන්ගෝ, මිසිස් සමග සිය පැටවුන් සොයා යයි. ඔවුහු අතර මඟ දී හමුවන සුනඛයන්ගේ සහය සහ වෙනස් සතුන්ගේ සහය ඇතිව බොහෝ අනතුරුවලට මුහුණ දෙමින් දුෂ්ඨ සතුරන් පරාජය කිරීමට යන කතාන්දරයයි.