මැදියම් රෑ කල්ලියෙ ආරම්භකයා, පෝටර් කියන්නෙ විරූපව උපන් දා ම අම්මා විසින්ම අත්හැරල දාපු, මේ රෝහලේම හැදී වැඩී ජිවත් වන, අන්තිම අසරණ, නමක් ගමක් නැති, කිසි කෙනෙක් නැති කෙනෙක්. ඉස්සෙල්ලාම ටොමී එයාව දැක්කාම ආයෙත් සිහි නැතිවෙන තරමට බය වෙනව යකෙක් කියල. නමුත් ළමයින්ගෙ හොදම සිහින හැබැ කරන්න උදව් කරන්නෙත් පෝටර්ම තමා.
ළමයින්ගෙ වාට්ටුව භාර මේට්රන් යකෙකුටත් වඩා නපුරුයි ළමයින්ට. අසරණ සැලී ගෙ සිහින සැබෑ කර ගන්නට මේට්රන්ගෙ පස්සට ඉන්ජෙක්ශන් එකක් ගහල සිහිය නැති කරන්නත් සිද්ද වෙන්නෙ ඒ නිසා.