තාත්තාගේ ඔළුව “තඩ්” හඩක් එක්කම රිකී දිහාවට වැටුණා. ඇහැට කිදා බැහැලා තිබුණ යකඩ කූර හෙමින් පිටතට ලිස්සලා ඇවිත්, හඩ නගාගෙන ටයිල් පොළව උඩට වැටුණා. සිදුරු නොවුණ හොද ඇහැ දෙතුන් පාරක් ඇහිපිය ගැහුවා.
“අමතක කරන්න එපා..” දම්පාට වෙලා ඉරි තැළුණු දෙතොල් වලින් තාත්තා මිමිණුවා. “අමතක කරන්න එපා රිකී. දුවන්න එපා. හැංගෙන්නත් එපා. සටන් කරන්න..”