හැනා ඇගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුළුගැන්වී දිවි ගෙවාය.
ඒ හුදෙකලා දිවියෙන් හෙම්බත් වූ ඇයට ජීවිතය අලුතින් අරඹන්නට උවමනා විය. නව දිවිය අරඹන්නට,
පොලිස් රහස් පරික්ෂිකාවක වී ආපසු උපන් ගමට එන ඇය වටා, ඇගේ අතීත දිවියේ අදුරු සෙවණැලි සැරිසරන්නට වෙයි.
ඒ අභියෝග මැද, හැනාට පැවරෙන්නේ තවත් අබිරහසක සුළ මුළ සොයා යන්නටය.
හුදෙකලා හුණුගල් තැන්නක් මැද, යෞවනයෙකුගේ මළ සිරුරක්..!
ලේ තැවරුණු පිහියක්..! ලෙයින් පෙගුණු දම් පැහැති මලක්..!
හද රිදවන රහසක්..!
හැනාට ඒ අබිරහස විසඳා ගන්නට හැකි වේද..?