සියල්ල ඇරැඹෙනුයේ සැදෑ සාදයකිනි..,
සය මස් වයසැති සිඟිත්තිය ගෙයි තනිකළ දෙමාල්ලන් යාබද නිවෙස්නෙහි සාදයක ගෙවා දැමූ හෝරා හතරක්! දෘෂ්‍ය තිරය බිඳී ගිය ළදරු මොනිටරයක්! අඩ හෝරාවකට වරක් ගොස් දරුවා පරික්ෂා කර බැලූ පුදුමාකාර චාරිත්‍රයක්!
චිත්තාපර සාංකාවෙන් සාදයෙහි හුදෙකලා වූ මවක්! අනඟ රැඟුමෙන් කුටුම්බ සිඳලූ අභිරූමතියක්! බිරිඳ හුදෙකලාවේ අතැර, සරාගිනිය හා සැමියා උරා බිව් සිගරට්ටුවක්!
එසියල්ලෙන් අහවර යළිදු නිවෙස්න ගත වූ විට හිස් ව ගිය ළදරු තොටිල්ලක්!
දරුවා පැහැර ගැනුණේ ද? මරා දැමුණේ ද?
ඒ විසදා ගැනීමට කෝපය, භීතිය, වේදනාව, බලාපොරොත්තු කඩවීම හා පාවාදීම ඔස්සේ දිගහැරෙන මිනිස් චිත්ත සන්තානයේ සියුම් කොන් අල්ලා බලා ඔබ පාර අසා ගත යුතු ය. ඒ අතර හුදෙකලා නොවීමට, සිත් අග ඇවිලී ගිය ගිණි සිළුවක් වෙයි. ඒ නොනිවී දවන කුහුලේ රිදවීම යි - 'දරුවා ට සත්තකින් කුමක් වී ද?'