ගිසෙල්ඩා පත්ව සිටියේ මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දුක්ඛදායක තත්වයකටය. ඇගේ බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිදුකල යුතු ශල්‍යකර්මය වෙනුවෙන් ඇයට මුදල් නොතිබිණි. දිලිඳුකම නිසා උපකාර කිරීමට කිසිවෙකු නොසිටි ඇය ධෛර්යය උපදවා ගන්නේ ඒ මුදල වෙනුවෙන් තමන් සතුව තිබූ එකම හා වටිනාම දෙය වූ පිරිසිදු බව පිළිගැන්වීමටය.
මානය යටපත් කර ගන්නා ඇය තම ගෞරවය අහිමි කර ගැනීම අධ්යයස සිටින බව දනිමින් එළඹෙන්නේ තම සේව්‍යයා වූ ධනවත් හා කඩවසම් ලි අර්ල් වරයා වෙතටය.
සිය මෙහෙකාරිය වූ අහිංසක, දුර්වල ගැහැණු ළමයා එවැනි බියකරු තීරණයකට එළඹීම ගැන තැති ගැන්මට පත් ඔහු තරයේ අදිටන් කර ගත්තේ ඇගේ ගරුත්වය නොකෙලසා ඇයට උපකාර කළ හැකි ක්‍රමයක් සොයා ගැනීමට හා ඇය සැම විටම හෙළි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටි තම පවුලේ දිළිඳු බවට හේතුව සොයා ගැනීමටය.