"ඉලන්දාරියා තමුසෙ එලොව ගිහින් මෙලොව ආවා... තව ටිකෙන් මට සිද්ධ වෙන්නෙ තමුසෙගෙ කෑලි ටික එකතු කරන්න... මොකද මැරෙන්න හැදුවෙ? ප්‍රශ්ණෙ සල්ලි ද? නැත්තන් චපළ කෙල්ලෙක් ද?..."
භෞතික සිරුරෙන් මිදී හිස් අවකාශයේ සරනා මා හට අදුරේ වුවද සියල්ල දර්ශණය වන්නේ මගේ දෘෂ්‍ය පරාසය ත්‍රිමාන ලොවේ දෘෂ්‍ය පරාසයෙන් ඔබ්බට විහිදෙන නිසා ද?
පියවි ඇසට නොපෙනෙන ලොවක් හරහා බිහිසුණු අපරාධයක් හෙළිදරව් වන අපූර්ව කතා පුවතකි සිව්වැනි මානය!
-සිව්වැනි මානය (The Fourth Dimension) සමඟ,
-අල්තාරය
-නිහඬ නගරය
-ලේඛකයා
-අඳුරු ගංතෙර
-වැළලී ගිය හිස් කබල
-රූමතියසහ උමතු කත
-නාග කැටයම්
-ආරවුල