එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න.
ඒ, ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට, මගේ අතීතය ගැන සැඟවීමට හෝ ඒ ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බව ය. එහෙත්, තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණූ ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වූවාට මට එය එසේ නොවේ.
මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ.
එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.