හොංකොං, යන - එන´ නගරයකි. එහි එන කිසිවෙක් වැඩි කල් නොරඳති. ඒ සුපිරි නගරයේ, දෙනෝ දාහක් මැද, විදේශයකින් වන කෙනෙකු හුදෙකලා වීම වළක්වනු නොහැකිය. කලාතුරකින් කෙනෙකුට සොයා ගත හැකි දැඩි, ගැඹුරු බැඳීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබඳතා නොගැඹුරුය. හරසුන්ය, ඒ නගරය තුළ කෙනෙකුගේ ජීවිතය පටුය. අස්ථිරය, අවිචක්ෂණය.
සුඛෝපභෝගී සන්නාම සහිත වෙළඳ භාණ්ඩ වලින්, වායු දූෂණයෙන්, කිසිවිටෙකත් නොනිවෙන විදුලි අලෝකයෙන්, වෘත්තීය සහ සමාජීය අභියෝගවලින් පිරුණු ඒ සුපිරි නගරය තුළ සැබෑ ප්‍රේමයට පවා ඉඩක් නැති තරම්. සිය පාළුව මකා ගැනීම සඳහා මතුපිට සුන්දරත්වය පමණක් සොයා යන තැළුණු සිතැත්තන්, ඒකඝන පදනමක් මත පිහිටිය හැකි ස්ථානයකට වන තුරු ඒ ඛේදජනක නාගරික හුදෙකලාවට හසු වී ඉබාගාතේ ගසාගෙන යනු ඇත.
'ඈත දුර ඈත' නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවකගේ ජීවිතයේ චක්තරා අවධියක සිදුවීම් මාලාවයි.