මම සැලෙන හදින් යුතුව ඒ ස්වර්ණමය කුටියට ඇතුළු වීමී. කුටිය තුළ දල්වා තිබූ ආලෝකය වැටී බිත්ති සරසා තිබූ රන්පත් දිදුලමින් පැවතියේ ය. ඒවායෙන් නික්මුණු කාන්තියෙන් මගේ ඇස් නිලංකාර වන්නාක් මෙන් මට දැණිනි. කුටිය අභ්‍යන්තරයේ වූ ස්වර්ණමය යහනේ සැතපී සිටි එන්කි කුමරියගේ රුව මා නෙත ගැටුණේ ඒ මොහොතේ දී ය.
එහෙත් මීළඟ නිමේශයේ දී, කිසිවෙකු කර්කශ හඬකින් මා අමතන්නාක් මෙන් ඇසිණි.
තව දුරටත් මාගේ නෙත් ඉදිරියේ නිසලව සිටින්නේ ඇය නොවේ ....ඇයත් ඇයගේ පරිවාර කුමාරිකාවන් සිව්දෙනාත් අතුරුදහන්ව ඇත... එසේ නම් මා දුටුවේ මායාවක් ද?
බිහිසුණු වන මැද කතා මාලාවේ දෙවැන්න!