ඔහු නැවත බීර හල පසු කර යන විට ද එහි පැවතියේ, පෙර ඔහු ගමන් කරන අවස්ථාවේ පැවැති තත්ත්වය ම ය. නිවසේ දොර ජනේල මුළුමනින්ම වසා තිබූ අතර බිර හලේ දොර ද වසා තිබිණි. එමෙන් පෙර විවර ව තිබූ ජනෙල් පියන ද මෙවර අඩවන් වී තිබිණි. නැවත මඳ වේලාවක් ඒ දෙස බලා සිටි ඔහු ආපසු ගමන් කළේ නොසතුටිනි. තම අභිප්රාය මුදුන් පත් නොවීම නිසා ඉච්ඡාභංගත්වයට පත් වූ රොජර්, අසහනකාරි සිතුවිලි මඳක් හෝ යටපත් කර ගත්තේ, මතු යම් දිනයක තම සිතැඟි ඉටුවේය යන සිතිවිල්ලට ඉඩ දෙමිනි. ගත වූ දිනයන්හි මහ මඟදී රොජර්ට යමෙකු මුණ ගැසුණේ ඉඳහිටය. හමුවූවන් ද ගම්බද ගොවියකු හෝ කාන්තාවක හෝ මිස සිතෙහි විශේෂයෙන් සටහන් වුවකු නොවේ.