චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන දෑස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සී පස්සට විසි විය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘශ්‍යමානව හිඳිමින් ඒ ගෙදර මුරකරයි. යකාගේ එක් කකුලක බැදි යකඩ දම්වැලක අනික් කොණ ගේට්ටු කණුවේ බැඳ තිබේ. ගුප්ත ශාස්ත්‍රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වූ චන්ද්‍රගුප්තගේ දැනුම අනුව අර මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නොවේ. විශ්වය මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔහු බලවත් ආත්මයක් නිසාය.
"මෙතන මොකක් හරි රහසක් තියෙනවා... මං කොහොමහරි ඒක හොයා ගන්නවා..." චන්ද්‍රගුප්ත සිතුවේය.
ඒත් ධීර දම්සිත් නම් ඒ තරුණයා සත්‍ය නිමල දහම සොයා, ඒ දහමේ චිරස්ථිතිය පිණිස විශ්ණු විමානෙන් මෙලොවට ආබවක් චන්ද්‍රගුප්ත දැන උන්නේ නැත.