තරමක් විශාල වූ කුටියේ එක් අන්තයක බිත්තියට හේත්තු කොට තබන ලද මේසයක් කුඩා පහනක් දැල්වෙමින් තිබිණ. එයින් නික්මෙන ආලෝකය මද වූයෙන්, එළිය වී තිබුණේ කුටියේ එක් අර්ධයක් පමණි. පහනට ඔබ්බෙන් මේසයට යා ව තබන ලද පුටුවක් මත දොරටුව දෙසට යොමු වු මුහුණ සහිත ව මිනිසෙක් හිඳ සිටියේ ය. ඔහුගේ හිස කෙස් අවුල් ව තිබුණු අතර දෑසත් මුවත් පුළුල් ව විවර වී තිබිණ. පපුවේ ගැඹුරට කා වැදී තිබුණු කිරිච්චියේ මිටත් දෑස විලිස්සාගත් මුවේ දිගු දතුත් පහනේ මද ආලෝකය වැද දිළුණේ ය.