මහත් ආයාසයෙන් කෙළවරෙහි වූ පෙට්ටියේ පියන පසෙකට පෙරළා දැමූ ඔවුහු විදුලි පන්දමේ ආලෝකය වැද ගුප්ත වර්ණයකින් දිලෙන කිසිවක් හේතුවෙන් හදිසියේ නතර වූවෝ ය.
“රත්තරන්.!” යි ඔවුන් අතර හටගත් කෙටි වික්ෂිප්ත නිහැඬියාව පීටර් විසින් අන්තයේ දී බිඳින ලදී.
“ඔව්” යි හෙන්රි එකඟ විය. “රත්තරන් තමා, පැරණි රජ කෙනෙකුට අයිති නිධානයක්”