ඉනික්බිති කොටු බැම්ම මත හට ගත්තේ අති බිහිසුණු සටනකි. හිස අසලින් පුපුරා ගිය වෙඩි පහරකින් තම දෙසවන් බිහිරි වූවාක් මෙන් බිගල්ස්ට දැනිණ. ඇල්ගිගේ ඒ පහරින් එක් ප්‍රහාරකයෙක් පිටුපසින් පැමිණි තම සගයා ද පෙරළාගෙන පහතට ඇදී ගියේය. මේ අතර උන්මත්‍තකයකු මෙන් නියවමින් ද ගොරවමින් ද ඩූච් කොටු පවුර මුදුනට පැන ගත්තේය.