මෙම කතාවෙහි කියැවෙන පරිදි ලොව වැඩියෙන්ම රත්‍රන් හමුවන දකුණු අප්‍රිකාවෙහි ඇති මෙම රන් පතල හැඳින්වෙන්නේ "සොන්ඩර් ඩිච්" යනුවෙනි. දිනපතා මිනිසුන් 12000ක් පමණ පොළොව යටට රත්‍රන් සෙවීමේ කර්තව්‍ය යෙදී සිටිති. ඔවුන්ගේ නායකයා වන්නේ එම පතල් කළමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය. කතාව ගෙතී ඇත්තේ ඔහු වටා ය. ඔහුගේ රාජකාරි ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ද බොහෝ රසවත් තැන් වලින් මෙම කතාව පිරී ඇත. මෙම කතාව කොතරම් ජනප්‍රිය වූවා දැයි කියතොත් මෙම නවකතාව ආශ්‍රයෙන් GOLD නමින් චිත්‍රපටයක්ද නිපදවා ඇත. අන්තර්ජාල පහසුකම් ඇති අපගේ පාඨකයන්ට ද දැන් එම චිත්‍රපටය අන්තර්ජාලය හරහා නැරඹිය හැක.