" මට උඹව මහ පාරෙ දාලා යන්න බෑ.. ඒකයි මං උඹෙන් මෙහෙම අහන්නෙ.. මගෙන් උඹට කරදරයක් වෙන්නැ කියල උඹට විශ්වාස නම් මාත් එක්ක වරෙං"
නන්දන ඒ ටික කියා ගත්තේ අමාරුවෙනි. දෙවරක් නන්දනට ඒ ටිකම කියන්නට ඉඩ නොදී ආරාධි නැගිට්ටාය. දෝතින් තෙත කම්බුල් පිහ ගත්තාය. බිමට සමතලාව ගිය කඩයේ සුන්බුන් අතර අතපතගාමින් තමන්ට වැදගත් යයි හිතෙන හැමදේම එකතු කර මල්ලකට පුරවා තුරුළු කර ගත්තාය.