“මේ රටේ සමහර මිනිස්සු ආදරේ කියන දේ මනින්නෙත් තමන්ගෙ සමාජ පන්තියෙන්, තමන්ගෙ දේපල වස්තුවෙන්, තමන්ගෙ ජාතියෙන්, කුලයෙන්... කොටින්ම තමන්ට තියෙන දේවල් වලින්...ඒත් ආදරය එහෙම මැනලා අවතක්සේරු කරන්න වටින දෙයක් නෙමේ. ආදරේ මනිද්දි බලන්න ඕන ඔය ටික නෙමේ. ඒ ආදරේ ජීවිතේට ශක්තියක්, රැකවරණයක්, සතුටක්, සහයෝගයක් වෙනවද කියලා... ඒ ටික තියෙනවනම් අර ඉතුරු ටික හදාගන්න පුළුවන්... ඒත් ඉතිං අපේ රටේ තියෙන මිනිහා හොයල හොයලා සල්ලි, රස්සාව, ගේදොර, යානවාහන තියෙන තැනක් එක්ක එකතු වෙනවා... ඊට පස්සෙ ජීවිතේට උවමනා සතුට, ආරක්ෂාව, ආදරය, සහයෝගය නෑ..... ඉතිං ජීවත්වෙනවා නෙමේ.. මැරි මැරි උපදිනවා”