ඝන තිරරෙදි වලින් වටකොට තිබුණත් මඩුව මැද එල්ලා තිබූ ලන්තෑරුමක එළියෙන් ඇතුළත ආලෝකමත් විය. දැල්වෙන ලන්තැරුම යට තැබු ඇඳක මුඩු කළ හිසක් ඇති කෙසඟ බාලිකා රුවක් වැතිර සිටී.
" දැන් සිහිය එයි. ඊයෙත් හරියටම මේ වෙලාවට නැගිටලා මගෙන් වතුර ඉල්ලන් බිව්වා...."
ඇඳ අසල උන් දොස්තර සංඝදාසන් කීවාය.
ඡන්තු ඇඳ අසල බිම ඇනතියා හිඳගෙන ඒ මුහුණට එබිණ. සම්පූර්ණයෙන්ම මුඩු කළ හිස පුරා මැහුම් පාරවල්ය. මාස තුනක් ජීවිතය හා මරණය අතර සටන් කළද අපූර්වාගේ මුහුණ අදත් එදා මෙන්ම සුන්දරය.
" බේබි මයෙ රත්තරනේ...."