" චුට්ටක් ඉන්න කො.."
වහා කාමරයට රිංගාගත් නිලම්බර සරමෙන් කලිසමකට මාරු විය. අතට ආ අවස්ථාව මග හැර ගන්නට බැරිය. මේ ඒ ගෙදරමද..? ඒ යුවතියම ද කියා සැක හැර දැන ගත යුතුය. නිලම්බර සූදානම්ව කාරයේ යතුර ද අතින් ගෙන සාලයට එද්දි මුණසිංහ නෝනා පිළිගන්වන ලද තේ කෝප්පයේ රස බලමින් කපු මහතා උන්නේය.
" පුතා මේ හදිසියෙම කොහෙ යන්නද..?"
මුණසිංහ නෝනා නිලම්බර දෙස බැලුවේ පුදුමයෙනි.