මගේ අම්මා ගණිකාවක්.අම්මා ගණිකාවක් වුණාට මට ඕනේ උනේ අම්මගේ අඩි පාරේ යන්න නෙවෙයි.මට ඕනේ වෙලා තිබ්බේ ඉගෙන ගන්න.
ඒත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවාසෙ වැඩකාරි වෙන්න නම් සිද්ද වුණා.
නගරයේ හිටපු හැමෝම මගේ දිහා බැලුවේ කසල ගොඩක් දිහා බලන ගානට.පිළිකුලෙන්.
ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලෙක් වුණාට මටත් තිබුන හීනයක්.
කවදා හරි මේ නගරයෙන් පිටවෙලා, විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හීනයක්.|
ඒ හීනේ හැබෑ කරගන්න මං සතෙන් සතේ සල්ලි එකතු කළා.
ඒත් හදිස්සියේම..
නොහිතපු දෙයක් සිද්ද වුණා.
මිනීමැරුමක්.
මගේ අම්ම කරපු මිනීමැරුමක්.
ඒ පටලැවිල්ලට මැදි වෙන්න මං.
ඊට පස්සෙ..?
මට මොනවා වෙයිද?
විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න හීන මවපු මගේ හීනයට මොනවා වෙයිද ?