දීගෙක නොගිහින්ම ගැබ්බර වුණ චූටි මැණිකෙ වටේට ආදරයයි, කුල ගෞරවයයි, දරු සෙනෙහසයි, සමාජ සම්මතයයි එකතු වෙලා බැමි බැඳලා.. හිර ගෙදරක් හැදුවා.. ඒ හිරගේ ඇතුළේ චූටි මැණිකෙ ජීවිතාන්ත සිර දඬුවමකට යටත් වෙච්ච හිරකාරියක් වුණා.. නෑ.. ඒක ජීවිතාන්ත හිර දඬුවමක් නෙවෙයි.. ඊටත් වඩා ගොඩක් දිග කතාවක්..