එදා රෑ... උන් හදිස්සියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු රෑ ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව, "හොරු සහ ගණිකාවෝ" විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින්, අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා.
අපේ ජීවිත සදහටම වෙනස් වුණා.
අපේ විතරක් නෙවෙයි. තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා.
ලෝකය අපි ගැන දැනගෙන හිටියෙ නෑ. මුළු ලෝකයටම අපිව අමතක වුණා. ලෝකෙටම රහසින් අපේ රටවල් ලෝක සිතියමිනුත් මැකිලා ගියා.
ඒත් තවමත්....
අපේ කතාව මේ ලෝකෙට කියන්න අපිට අවසර නෑ.
ඒ නිසාම, අනන්ත දුක් විදපු අපේ මිනිස්සු වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන්, අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම යුතුකම මම කළා.
මුලු ලෝකෙන්ම වසන් කරපු අපේ කටහඩවල්.. මං මගේ අකුරු පේලි මැද්දේ.. චිත්‍ර වල රේඛා ඇතුලේ හැංගුවා.. ඒ සටහන් අපේ මව්බිමේ පස් ඇතුලේ හැංගුවා..
මේ සටහන්.....
ඔබේ හුස්ම මොහොතකට නවත්වාවි..
ඇස් දෙක කදුළු වලින් තෙත් කරාවි..
ඒත්.. කියවන්න.
මම නවතින්නම්.
දැන් ඉතින් ඔබේ වාරය..
මේ අපේ කතාව තවත් කාට හරි කියන්න..
මං,
ලීනා.
"පිටුවහල් සිත්තරී"
- ඉතිහාසයේ නිහඩ බව බිදින යුවතිය -