අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින්..
එනකල් බලා ඉදලා වැඩක් නෑ...
මමයි මල්ලියි වෙන මොනවා කරන්නද?
කන්න දෙයක් ඉන්න තැනක් හොයාගෙන අපි ආවා මේ නගරයට..
මේ නගරේ මේ කුණු කණ්ද වෙනස් තැනක්
කව්රුත් වෙනුවෙන් කාගෙවත් හිතක් උණු නොවෙන නපුරු තැනක්..
ඒත්..ජිවත් වෙන්න ඕනේ නේද?
ඒ ජීවිතේ කොහොම වේවිද?
අපේ අනාගතය කොහොම වේවිද?
වැඩිහිටියන්ට කියන පොඩි දරුවන්ගේ කතාව...