කාල්යිල් මහතා හා මවුන්ට් ස්වර්න් අල්වරයා එක් දොරටුවකින් භෝජනාගාරයට ඇතුළු වෙද්දී ඊට ප්‍රති ප්‍රතිවිරුද්ධ දොරටුවෙන් තවත් අයෙකුගේ පිවිසීම සිදු විය. මේ කිනම්...... කවරෙක් ද! විස්මයට පත්වූ කාල්යිල් මහතාට තම දෑස ඉදිරියේ දිස්වන රුව මිනිස් දුවකට අයත් ද නැතහොත් සුරඟනකට අයත් දැයි අදහාගත නොහැකි විය. සුන්දරත්වය යන වදන අභිබවා යන දුර්ලභ ගණයේ රූ සපුවක්, සිත්තරකුගේ මනසෙහි මැවී තෙලිතුඩින් ඇදුණු සිත්තමක් බදු රුවක් ...... තරුණයේ අහිංසකත්වය දෝතින් දරාගත් තම රූබර දියණියන්ගේ අනාගත ඉරණම දැකීමට තරම් මතුදැක්මක් අල්වරයා සතු වී නම් ...... ආකිබෝල්ඩ් , මම ඉන්නේ එහා ලෝකෙ එළිපත්ත උඩ. ඔයා මට ආශිර්වාද කරන්නේ නැද්ද?...... මට මැරෙන්න ඉස්සෙල්ලා එක ආදරණීය වචනය කියන්නෙ නැද්ද? මම කවුද කියන එක මොහොතකට අමතක වෙන්නේ ඉඩ දෙන්න. පුළුවන් නම් ඔයා විවාහ කර ගත්තු අහිංසක ගෑනු ළමයා විදියට මා ගැන හිතන්න. එක ආදරණීය වචනයක්.....ඊස්ට් ලින්; හි නිර්මාතෘවරිය වූ එලන් වුඩ් අබිරහස් බව හා කුතුහලය ගැබ්වූ කතන්දර ගෙතීමේ අපූර්ව හැකියාවකින් යුතු වූවාය. නවකතා තිස් ගණනක් හා කෙටිකතා රැසක් ඇය අතින් ලියැවී ඇති අතර, 19 වන සියවස තුළ එම කෘති සඳහා විශාල පාඨක ඉල්ලුමක් පැවැතිණ. විස්මයජනක ලෙස සාර්ථකත්වයට පත්වූ ;ඊස්ට් ලින්; නම් නවකථාව භාෂා ගණනකට පරිවර්තනය වුවා සේම වේදිකා නාට්‍ය හා සිනමා කෘතියක් ලෙස ද ප්‍රේක්ෂකයින් අතරට පිවිසිණ.