'අපරාජිතෝ' කෘතියෙහි එන අපු නම් චරිතයේ වැඩිමහල් අවධිය මෙහි අන්තර්ගතයයි.
සිය මවගේ මරණින් පසු තනිව ජීවිතයට මුහුණ දෙන අපුගේ අනපේක්ෂිත විවාහයත්, ස්වාමි පුරුෂයකු, පියකු සහ මුහුකුරා ගිය මිනිසකු ලෙස ජිවීතයේ සිදුවන නොයෙක් කම්කටොලු මධ්‍යයේ ජීවන වෘතාන්තයේ අවසානය තෙක් ගමන් මඟ මෙම කෘතියෙන් නිරූපණය වේ.