මේ පොතෙන් මම කීමට උත්සහ දරන්නේ අපි කවුරුත් ප්‍රසිද්ධියේ කතා නොකරන, නමුත් බොහෝමයක් අම්මලාගේ සිත්සතන්හි දැවෙන ගින්න ගැනයි.
දියණියනි, සහෝදරියනි, මිතුරියනි, අම්මාවරුනි, නැන්දම්මාවරුණි, මෙහි දැක්වෙන කිසිදු සිද්ධියක් පුද්ගලික ඇසින් නොබලා, පොදු ඇසකින් බලන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම මම කාරුණිකව ඉල්ලා සිටිමි. අද තවකෙකුට වන අක්කරතැබ්බය හෙට ඔබටද විය හැකිය. ඒ නිසා මෙතැනදී මා කිසිවෙකුට පුද්ගලිකව පහර ගහන චේතනාවක් පසුබිම් කොටගෙන කිසිදු සිද්ධියක් ගෙනහැර පා නැත. මෙහි මුල් කොටසින් මා හුවා දක්වන්නේ, අපි ජීවත්වනවා යැයි සිතාගෙන සිටින මේ මනංකල්පිත ලෝකයේ රඟන කොයි කවුරුන්ගේ අතිනුත් සිදුවන අඩු ලුහුඩුකම්, හොඳ නරක සියල්ල සමනය කර ගැනීමට නම්, මුලින්ම තමන් තමා දෙසම බැලිය යුතු බවයි. මෙතැනදී, මට මහා දාර්ශනියෙකු වන සිග්මන් ප්‍රොයිඩ්ගේ වටිනා කියමනක් සිහිවුණි.
“ඔබ සමඟ සැසඳිය යුතු එකම පුද්ගලයා වන්නේ අතීතයේ සිටි ඔබයි.”