ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනූ කෘතිය.
මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක් ද ?
ඔහු සිය පිය පසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත් නැත්තෙකි.
රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මවුපසිනි . ඇවතුම් පැවතුම් විසින් ඔහු තුළ සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේ ද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුණේ යක්කුටිගල හිමියන්ගෙන්ද?
නැතහොත් , ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනා හාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇගේ මීමුත්තෙකුගෙන්ද?
එසේත් නැතිනම් ඔහු පබිලිනා හාමි ගේ හද මනස ඇසුරුකොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද ?