මෙය සැබවින්ම පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු අතර ළමා වියේ හටගත් අවිහිංසක බැඳීමක් පදනම්කර ගනිමින් නිර්මාණය වූවකි.
එංගලන්තයේ වංශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයෙකුගේ දියණිය අතර වූ බැඳීම වයසින් මුහුකුරා යද්දී, ධනය බලය සහ සමාජ චාරිත්ර වාරිත්ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ.
එහෙත් ඔවුන් ගතින් වෙන් වී වසර ගණනාවක් ගත වූවද මානසික සහ ආත්මීය බැඳීම කිසිලෙසකින් නොවෙනස්ව පැවැතියේ ය. අවසානයේදී නැවත කිසිදා වෙන්වීමක් නැති හමුවීම දක්වා කියවෙන මෙය අපූර්ව කතාවකි.